Friday, March 3, 2017

වැඩ

සුදු ඇඳි ලොකු අය
එනතුරු සිටියොත්
සුදු රෝ මතුවෙයි
මතුභව රැව්ලෙත්
මොළේ නොකර පාසි
කඳේ වෙහෙස මාසි
නොබල වැඩ ලේසි
අපල කා සොය කාසි


මං ලඟ

අතරමං       වූ  ජීවිතේ
හරිම මං     සෙවූ මොහතේ
ලඟින් මං    සිටිය  නුඔ
සුව ගිමන්   නිවන තෙක්
සමග මං     සිටිනු මැන